අතීතය මනරම්‍ය ..

අතීතය මනරම්‍ය ..එසේම මතකය... නොඅමතක කළ යුතුය...මාගේ මතකය තවමත් නොඅමතකය ..මා ස්වාධීන රෑපවාහිනියේ සේවය කරන අවදියේදී අද අප අතර නොමැති බොහෝ කලා කරුවන් ගේ ඇසුර ලැබීමටත් ඔවුන්ගේ ගීත සජීවීව රෑප ගත කිරීමට දායක වීමටත් ලැබීම විශාල භාග්‍යක් ලෙස සළකමි .එසේම එදා අප රූප ගත කළ ගීත කොපි කොට නිර්ලජ්ජිත අයුරින් ඇතැම් ගීත නිර්මාණ තුළට උන්ගේ නම් ඇතුල් කොට යූ ටියුබ් අඩවියට ඇතුළ් කොට තිබෙන අයුරු දැකීම විටෙක මා හට හාස්‍යක් ගෙනදේ...කෙසේ වෙතුද අපේ ඇතැම් පැරණි සිනමාපට තුට්ටුවට දෙකට මිළදී ඉන් පසුව උන්ගේ නම්ද අයිතිය සහ සංරක්‍ෂණය ලෙසින් විශාල අකුරින් සිරස්තල යොදා ප්‍රදර්ශණය කරන කලෙක මෙම රුපවාහිනී නිර්මාණ ගැන කියනු කවරේද...?
ඔබ එදා රසවිඳි නිර්මාණ මෙන්ම අද අපගෙන් සමුගෙන ඇති ඒ කුසළතාකරුවන් ගේ මතකයන් අවදිකරවිම මෙහි අරමුණයි...මා ස්වාධීන රූපවාහිනී සේවයේදී නිෂ්පාදනය කළ මතක සුවඳ වැඩසටහන අදද බොහෝ දෙනෙකුට මතකය...
ඔබගේ අදහස් මා අගයමි..
සුමිත් ජයන්ත ඩයස්
siyarasa@gmail.com

Sunday 28 March 2010

Abeywardena Balasooriya and Milton Mallawaarachchi song


ARADHANA FILM SONG